About Us

මෙම අඩවිය නිර්මාණය සදහා වු හේතු සාධක ....

Saliyaඉතිහාසය කියන්නේ රටක ජාතියක් සතුවන මිනි ඔටුන්නක්.... හෙළදීපයේ හෙළනික් වරුන්ට එසේ නම් අහසින් ගිය ( ඉජීප්තු පිරමීඩයන්හි සදහන් වන විදිහට) සිංහ මිනිසුන්ට වසර මිලියන ගණනක අතීතයක් තිබුණා. බලංගොඩ මාණවයා අපිට ඒ උරුමය විද්‍යාත්මකව අපට ලබා දුන්නා. ඒ නිසාම අපි දැන් එම වැළලුන ඉතිහාසයට නැවතත් පණපොවමින් සත්‍ය සමාජගත කල යුතුයි. මාගේ උත්සහය එයටයි.

මනුෂ්‍ය ස්වරෑපී මානවයාගේ මුලාරම්භ පරිනාමී අවධිය වර්ෂ තුන්ලක්ෂයක් පමණ ඈතට විහිදෙන බැව් විදඥ්ඥ මතයයි. මිනිසා මිනිසෙකු ලෙස සිතන්නට පටන්ගෙන වර්ෂ 28000ක් ගෙවා තියෙනවා.

සිංහලේ ඉතිහාසය වසර 2500යි යන්න පිලිගනීමින්, ඉන් එහා ඈත අතීතයට එබී බැලීමට හෝ සිංහල වියතුන් බිය වන්නේ ගුප්ත හැගීම් තුල අන්දමන්දව හැසිරෙන බැවිනි. වර්ෂ 6000ක් ඈතට විහිදෙන ලෝක මානව ඉතිහාසය තුළ හෙළයා ද සිටියි. අසල්වැසි ඉන්දියාවේ හරප්පා, මොහන්දාජාරෝ, ලෝතාල් වැනි භූමි කැනිම් හතළිහකින් ලබා ගත් තොරතුරු ද වර්ෂ 6000කට වඩා ඈතට නොයයි. නමුත් හෙළදිව රාවන යුගය හා ඉජීප්තුවේ පිරමීඩ යුගය නාසා විදාඥ්ඥයින් විසින් තහවුරු කර අවසන්. ඒ යුගයට වසර 6000ක අතීතයක් කාබන් පරියේෂණ තුලින් ලබා දී ඇත.

මේ මා ඔබට ලබා දෙන්නේ හෙළයේ නිවැරදි ඉතිහාසයේ ස්වර්ණමය සාධකයි.... වසර ගණනක මාධ්‍යවේදී ජීවිතය සහ ඉතිහාසය පිලිබද කල පරියේෂනයන් මත මා ලබා ගත් දත්තයි.... එසේම සිංහලයාගේ දේශයට පණ පොවන්නට හැකි සැමට මා ගෞරවයෙන් ආරාධනා කරනවා මා සමගින් අත්වැල් බැද ගන්නට
 
හෙළ ඉතිහාස පරියේෂන මාධ්‍යවේදී

සාලිය ටී. රණවක
 

මෙතනින් ගොස් අරමුණු කියවන්න

මෙතනින් ගොස් ආදායම් සහ වියදම් බලන්න

අපගේ විවස්ථාව කියවන්න