මරක්කල ඇමතිවරු සිංහලේ ඇතුළු ජාතික සංවිධාන කිහිපයකට එරෙහිව……

බොදුබල සේනා, සිංහලේ ජාතික සංවිධානය, සිංහල රාවය, රාවණා බලය, ඇතුළු සිංහල බෞද්ධ සංවිධාන, නායකයන් සහ එහි ක්‍රියාකාරී භික්ෂූන්වහන්සේලාට එරෙහිව මුස්ලිම් මැති ඇමතිවරුන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කොට තිබෙනවා.

එම සංවිධාන නායකයින් සහ භික්ෂූන් වහන්සේලා ඉස්ලාම් ආගමට සහ මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වෙමින් මුස්ලිම් විරෝධී අදහස් ප්‍රකාශ කරන බවයි එමගින් දන්වා ඇත්තේ. මුස්ලිම් ආගමිකයන් විශ්වාස කරන අල්ලා දෙවියන්ට අපහාස වන පරිදි බොදු බල සේනා සංවිධානය සහ එහි මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අදහස් ප්‍රකාශ කර ඇති බවත්, ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනපතිවරයාට එමගින් දන්වා ඇත.

මෙම ලිපියට මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් 21 දෙනෙකු අත්සන් තබා ඇති අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ඒ අතර වේ.