මේ රටේ අයිතිකරුවන් සිංහලයන්ද ?

අද මේ රටේ බහුතරයක් වන සිංහලයා සිතා සිටින්නේ මේ රටේ අයිතිකරුවන් හා මේ රටේ ජාතිය සිංහලයන් බවත්ය, එය විශාල මුලාවකි. එම ජාතිකත්වයත් අයිතියත් ඉවත් කර දසවස් ගණනාවක් ගොස් ඇත. එහෙත් දේශද්‍රෝහී පාලකයන් අපෙන් වසන් කරන කරුණ නම් “තව දුරටත් සිංහලයා මේ රටේ අයිතිකරුවා නොවන බවත් සිංහලයා මේ රටේ ජාතිය නොව දෙමළ මුස්ලිම් වැනි තවත් එක ජන කොටසක් පමණක් බවය”.
මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ බටහිර අධිරාජ්‍යවාදිනේ උවමනාව මතය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට ලෝකයේදී එල්ල වුනු ප්‍රබලම පරාජයන් සිදු කරන ලද්දේ සිංහලයන් විසිනි. එබැවින් යටත් විජිත සමයත් ඇරඹි මෙම කුමන්ත්‍රණය ත්‍රිවුර කරමින් රට කෑලි කඩා පර ජන කොටස් වලට දෙන අවස්තාව තෙක් මේ වන විට සිදු කරමින් පවති. එහි අවසාන ජවනිකාව අලුත් ව්‍යවස්ථාව හා සිදුවන බවට ඉඟි බිඟි ලැබෙමින් පවති.
යටත් විජිත සමයේ සිට මේ දක්වා සිංහල ජාතියටත් , බුද්ධ ශාසනයටත් එරෙහිව දැඩි කුමන්ත්‍රණ මෙසේ පිළිවෙලට එකින් එක ක්‍රියාත්මක කරණ ලදී,
1. සිංහලයා ගේ රටත් ජාතියත් අහෝසි කිරීමේ කුමන්ත්‍රණය බටහිරයන් විසින් 1815 ගිවිසුමෙන් පටන් ගන්නා ලදී , එහිදී සිංහල කොටසේ “සිංහලේ” ලෙස සදහන් ව තිබුනද බ්‍රිතාන්‍යයන් එය “ Ceylon” ලෙස ආදේශ කළේය. මෙසේ නම වෙනස් කිරීමට කිසිදු පිළිගත හැකි පදනමක් දක්වා නැත. මෙම ගිවිසුම බ්‍රිතාන්‍යයන් විසින් අමු අමුවේ උල්ලංගනය කරන ලදී

2. එසේම 1815 ගිවිසුමෙන් ලබා ගත් සිංහලයාගේ රට 1948 නාම මාත්‍රික නිදහස ලබා දීමේදී එය ලබා ගත “සිංහලේ” වෙනුවට “ceylon” ලෙසට ලබා දීමට කටයුතු කලේය. “සිංහලේ” රට සිංහල ජාතියට අයත් අතර “ceylon” නමැති රට එහි බ්‍රිතාන්‍ය යටත් විජිතයේ වූ පුරවැසියනට එනම්, බ්‍රිතාන්‍යයන් විසින් ගෙනත් පදිංචි කරන ලද දෙමළ , මුස්ලිම් පර ජන කොටසුත් පුරවැසියන් ලෙස හඳුනා ගෙන රටේ අයිතිවාසිකම් ඔවුනටත් පවරා දීමට කටයුතු ලදී.උඩරට ගිවිසුමෙන් බ්‍රිතාන්‍යයන් රට ගත්තේ සිංහලයන්ගෙනී එහෙත් නැවත රට බාර දුන්නේ දෙමළ, මුස්ලිම්, සිංහල යන කොට්ටාශ 3 ටම වේ. මෙවැනි දෙයක් කිරීමට බ්‍රිතාන්‍යයට කිසිදු අයිතියක් නොමැත.

3. එසේම අවරුදු දහස් ගණනක් ස්වභාවික ලෙස රටට ගැලපි සම්මතයෙන් පැවතගෙන ආ පාලන ක්‍රමය විනාශ කර බ්‍රිතාන්‍ය 1949 දී ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (සොල්බෙරි) සමග වෙස්ට්මිනිස්ටේර් වර්ගයේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ලංකාවට බලෙන් ලබා දුණි . බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් බිහිකරන ලද ජනගහනයෙන් 2% වැඩි නොවන ඉංග්‍රීසි ගැති ස්වදේශික මධ්‍යම පන්තිය (සිංහල,දෙමළ, මුස්ලිම් ) මගින් ඉංග්‍රීසින්ගේ අභිමතය මත ඉදිරියටත් රට පාලනය කරවීම එහි අරමුණ විය. එහිදී රටේ නියම ජාතිකත්වයට විනාශ කිරීම සදහා ව්‍යවස්ථාවේ 29 වන වගන්තිය යෙදවිය.

“ දෙමළ හෝ මුස්ලිම් යන වෙනත් ජාතියකට අයත් සුළු ජන කොටස්වලට අහිමි අයිතිවාසිකමක් කිසිම ජාතියකට නැත”
යනුවෙන් සඳහන් කර මේ රටේ උරුමයෙන්ම එන පරම අයිතිය සිංහලයාගෙන් උදුරා බ්‍රිතාන්‍යයන් විසින් ගෙනවිත් පදිංචි කරන ලද පර ජන කොටස් අතර සමව බෙදා දුණි.
4. එසේ ඇතිකරන ලද පාලනය හමෙන් පමණක් කළු වූ මනසෙන් හා සියලු ක්‍රියාවෙන් සුද්දන් වූ කළු සුද්දන් අතට පත් කර අද වෙන තෙක් බලය ඔවුන් අත තැබීමට වග බලාගන්නා අතර අදටත් බටහිරට අවශ්‍ය දෙය ඔවුන් ලවා ඉටු කර ගනිති.

5. එම කළු සුද්දන් සිංහල ජාතියත්, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ සිංහලයා විසින් බුධියෙන් විමසා පිලිගත් බුදු දහම අතුගා දැමීමට “සංහිඳියාව” හරහා කටයුතු කරමින් සිටිති.

6. 1951 දී කළු සුද්දන්ගේ කොඩි කමිටුව මගින් සිංහලයාගේ අනන්‍යතාව දැක්වෙන සිංහලේ කොඩියට පටි දෙකක් ගසා එයද දුෂණය කරන ලදී

7. එසේම 1972/1978 ව්‍යවස්ථාවෙන් සුක්ෂම ලෙස රටේ ජාතිය අතුගා දමා කියවුනේ “සිංහල දෙමළ මුස්ලිම් යන ප්‍රධාන ජන වර්ග තුනෙන් මෙරට ජනගහනය සමන්විත බවය” (රටේ උරුමක්කාරයන් වන ජාතිය ගැන ව්‍යවස්ථාව තුල කිසිදු සඳහනක් නැත).එතැන් සිට සිංහලයාගේ ජාතිකත්වය හා උරුමය යටකර දමා පිටින් ගෙනෙන ලද පර ජනකොටස් වලට සමාන කොට “සිංහලයත් මෙරට එක් ජන වර්ගයක් පමණක්” බවට පත් කරන ලදී
8. 1987 දී එවකට ජනාධිපති “දෙමළ නිජබිම්” පිළිගෙන සිංහලයාගෙන් පැහැරගත් මේ රට දෙමළාගේ අයිතියක් බව කිසිදු පැහැදිලි පදනමකින් තොරව තහවුරු කරන ලදී. (එනම් දෙමළට නිජ බිම් අයිතිය ඇති සිංහලයට අයිති නැති රටද?)
9. මිට අමතරව කඳුකරය තුල වෙනම ඇමතිවරයකු යටතේ කඳුරට දෙමළ රාජ්‍යයේ මුල් ගල තැබීම ලෙස දෙමළ ගම්මාන හා නගර ඉදිකිරීමට වත්මන් පාලනය කටයුතු කර ඇත. මෙය උතරු නැගෙනහිර නිජ භුමි අයිතිය මෙන් කදුකරයටද අයිතිවාසිකම් කීමට පදනම දමා ගැනීමකි. ඇමැති සිදම්බරන් යටතේ ක්‍රියාත්මක කරයි.( මේම ගම්මාන ඇති කරන්නේ 1848 ටොරින්ටන් ආණ්ඩුකාරයා විසින් සිංහල ගම බිම් ගිනි තබා විනාශ කර සිංහලයාගෙන් කොල්ල කෑ ඉඩම් වලය)
10. මෙරට උරුමක්කාරයන් වන සිංහල ජාතියේ අවසාන මළගම ඉදිර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හරහා ලිවීමට බටහිර ගැති වත්මන් රජය කටයුතු යොදමින් පවතින බවට ඉඟි ලැබෙමින් පැවති.
මේම සියලුම ක්‍රියාකාරකම් එකින් එක ඉතාම ශුක්ෂ්මව සැලසුම් කරන ලද කුමන්ත්‍රණයේ කොටස්ය , එසේනම් අපේ අයිතීන් නැවත දිනා ගැනීමට අප වහාම ක්‍රියාත්මක විය යුතු කාලය එළබ ඇත, මේ අවස්ථාව ගිලිහුනහොත් යලි කිසිදා ගොඩ ගනු නොහැකි ලෙස සිංහල ජාතිය ජාතියත් ඔවුනගේ අයිතියත් බුද්ධ ශාශනයත් සදහටම වළලා දමනු ඇත. සුර්ය වංශය නැවත ගොඩ නැගීම උදෙසා අපි “සිංහලේ දේශය” නැවත ගොඩ නැගීමට අපේ උදුරාගත් අයිතිය යලි ලබා ගැනීමට බුද්ධි මණ්ඩලයේ මගින් ඉදිරිපත් කරන බිඳ හෙළය නොහැකි න්‍යයාත්මක පදනමකින් මත සිට සටන් කරමු. අපේ අයිතිය යලි දිනා ගැනීමට නියම සිංහල ලේ ඇති සියලු දෙනා අප සමග එක්වන්න.

ආචාර්ය සූරිය ගුණසේකර -කැදවුම්කරු උත්තරීතර ජාතික බුධි මණ්ඩලය
රුවන් රත්නායක – කැදවුම්කරු සූර්ය වංශය යලි ගොඩ නැගීම (සංවිධානය)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

*