රට බෙදන ව්‍යවස්ථාව සම්මත කරන්න ඉඩ දෙන්නේ නෑ – සිංහලේ ජාතික සංවිධානය

aaaaa

පවතින විවස්ථාවේ විවිධ වෙනස්කම් විය යුතුයි. නමුත් රට කලාප හයකට බෙදන්න වත්මන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ සූදානම් වෙන බවත් මේ සදහා දිවි හිමියෙන් හෝ කටයුතු කර මෙම තත්වය පාලනය කර විවස්ථාව සම්මත කරන්නට ඉඩ නොදෙන බව සිංහලේ නිර්මාතෘ සහ එහි වැඩබලන සභාපති සාලිය ටී රණවක මහතා අද (07) ප්‍රකාශ කර සිටියා.

එතුමාණන් ” එදා අපි මඩකලපුවට ගොස් අංපිටියේ සුමණරතන හිමියන්ට ශක්තියක් වන්නට යන විටත් මේ පවතින බලය අනුව කල දේ ලෝකයම දැක්කා. ඔවුන්ට බලය ලබාදී පොලිස් සහ ස්වයං තීර්ණ බලය ලබා දුන් විට කොහොමට හිටියිද?” වැඩි දුරටත් ප්‍රකාෂ කර සිටියා.

“ඒවාගේම අනෙකුත් සංවිධාන සමගින් එක්ව ශාසනාරක්ෂක සභාව ලෙස මේ මස අග හාමුදුරුවරු තුන්හාරදහසක්‌ කොළඹට කැඳවා ව්‍යවස්‌ථා මර උගුල පරාජය කිරීමේ කාර්යයට මුල පුරන්න අප කටයුතු කරනවා. ඡේ. ආර්. මහතාගේ ව්‍යවස්‌ථාව තවදුරටත් තිබිය යුතුයි. එසේම විධායක ජනාධිපති ක්‍රමයත් තිබිය යුතුයි. එය තිබුණායි කියලා මොකක්‌ ද තියෙන ප්‍රශ්නය. මේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්න නම් ඡේ. ආර්. ජනාධිපතිවරයාට වඩා තුන් කල් දකින ධර්මය මත පදනම් වූ ඒකාධිපතිවරයකුටයි. හරිනම් මේ බලතල තව තවත් වැඩි වන්න ඕන. මාගේ පෞද්ගලික මතය වන්නේ පැවති හෝ පවතින කිසිම දේශපාලකයෙක් මේ සදහා සුදුසු නැහැ යන්නයි…. නව තරැණ ජවයන් සහ හිමිවරුන් පාර්ලිමේන්තුවට යා යුතුයි. ඒ සදහා පවතින ජාතික සටන්වලින් තරුණයන් තෝරා ගත හැකියි.  වහා ජාතිය බේරා ගන්නට නම් මෙම විවස්ථාව සශෝදනය පරාජය කළ යුතුයි.”