සිංහල හින්දු අලුත් අවූරුද්ද නම් ලෝක බොරුව

සිංහල හින්දු අලුත් අවූරුද්ද නම් ලෝක බොරුව
සිංහල අවුරුද්ද යනු සිංහලයාගේම අනන්‍ය වූ සංස්කෘතික උත්සවයකි. මෙහි ආරම්භය මහා සම්මත මනු රජතුමාගේ කාලයත් දිව යන්නකි. සුර්යයා මින රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීම සිංහල අවූරුද්ද ලෙස සැලකේ.
බුදු සමය හඳුන්වා දීමට පෙර අපේ රට කරවන ලද්දී මුනිනුවරු හා ඍෂිවරු විසිනි අපේ ආදිතමයා වන මහා සම්මත මනු යනු එවැනි මුනි වරයකි. එදා මෙම මනු නායක තුමා වැඩ සිටි ස්ථානය මනු නායක ආරාමය එනම් මනු + නා + අරම අද මන්නාරම වේ.එනම් සුර්ය මංගල්‍යයය මුල් ආරම්භය සිදු වන්නේ මන්නාරමෙනි. එයට හේතුව මෙසේය.
පෘතුවිය අංශක 23 ½ ඇලයකින් සුර්යා වටා ගමන් ගනී. මේ පෘතුවි ඇලය සහිත ගමන හේතුවෙන් කර්කටක නිවරතනයත් මකර නිවර්තනයත් අතර අවුරුද්ද පුරා නිරන්තර ගමනක සුර්යයා යෙදේ. දකුණේ සිට උතුරු දෙසට ගමන් කරන සුර්යයා මාර්තු 21 වන දින සමකයට පැමිණේ. සමකයේ සිට අංශක 6ක් පමණ ඉහලින් අපේ රට පිහිටා ඇත . එනිසා මුලින්ම දෙවුන්දරින් අප්‍රේල් 5 වනදා අපේ රටට ඇතුල් වන සුර්යයා අප්‍රේල් 14 මන්නාරමට මුදුන් වේ. පසුව අප්‍රේල් 16 දින කනකසන්තුරෙන් අපේ රටින් පිටත් වේ.
සිංහල අවුරුද්ද එළඹෙන්නේ මන්නාරම, කනගරායන්කුලම් සහ නැදුන්කර්නි රේඛාවට ඉර මුදුන් වන අපේ‍්‍රල් 14 දාය. එනම් එදා මුනිවරු විසු මන්නාරමේ මනෝමය වශයෙන් ඇති (අක්ෂාංශ දේශාංශ වැනි) කනගරායන්කුලම් සහ නැදුන්කර්නි රේඛාවට හරියටම ලම්බකවව එනම් අංශක 90 කෝණයට( හෙවනල්ල්ලක් ඇති නොවන ආකාරයට) හිර මුදුන් වනදා එනම් අප්‍රේල් 14 දින සිංහල අවුරුද්ද ලෙස සම්මතයේ සිට පිළිගනී. මෙය ජොතිෂ්‍යානුකූලව ස්වභාවිකව ලෝකය තුල සිද්ධ වන ක‍්‍රියාවලියක් බැවින් මෙයට යම් පදනමක්ද ග‍්‍රහ තාරකාවල මනුෂ්‍යයන්ට සත්වයන්ට ඇති කරන ව්‍යූහාත්මක බලපෑම පිහිටුවීම සිංහළ අවුරුද්ද පදනම ඇති බවටද, මෙය සිංහලේ ප‍්‍රථම රජු මන්නාරමෙන් බිහි වූ මනු රජ කාලයේ සිට පිළිගත් සම්ප‍්‍රාදායානුකුල චාරිත‍්‍රයන් බව අරිසෙන් අහුබුදු ශූරීන් පවසා ඇත. සිංහළ වර්ෂ හැටියට ව්‍යවහාර වර්ෂ අපේ‍්‍රල් 14 වන දා අප සිංහළයන්ගේ නියම අළුත් අවුරුද්දේ පළමු වන දින විය යුතුය. එහෙත් අද සිංහළ අළුත් අව්රුද්ද සමරන්නේ ජේසුගේ ක්‍රිස්තු වර්ෂ කැලැන්ඩරයේ 14 වන දිනය දාය. එහෙත් ජෝතිෂ්‍යයේදීත් සිංහල අවුරුද්ද හැඳින්වීම සඳහාත් භාවිතා කරන ශක වර්ෂයක් ද අපට ඇත. සම්පූර්ණ වර්ෂයක් චක‍්‍රාකාරව ආවරණය වීම නිසා ‘‘චක‍්‍රය’’ යන අර්ථයෙන් සක වර්ෂ වුවා විය යුතුය. ඉංග්‍රීසි පාලන සමයේ මෙම සක වර්ෂ සංශෝදනයකට වෙනත් හදුන්වා දීමකට භාජනය් ඇත.
පොළොව පිලිබඳ වූ විද්‍යාව භූගෝල විද්‍යාව මෙන්ම අහස පිලිබද වූ විද්‍යාව ජොතිශය විද්‍යාව වේ. පොළොවේ, ගහ කොළ සතා සිව්පාව අප සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහ ලෝක වල පැවැත්ම ආදී සියලු දේ තීරණය වන්නේ සුර්යයා මතය. එක සතියක් සුර්ය ආලෝකය පෘතුවියට නොලැබුනොත් කුමක් සිදුවේදැයි සිතා බලන්න. ජිවය ගහ කොළ සියල්ල විනාශ වනු ඇත.
අද මිත්‍යා ලෙස බැහැර කරන්නාවූ යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර , ද්වන්ත්‍ර, අතර වූ ජෝතිෂ්‍යය විද්‍යාව හුදෙක්ම මේ අහස විද්‍යාවේ මුලිකයා වූ සුර්යයා හා බැඳුනු සත්‍යයකි. අද දියුණු යයි පවසන ලෝකය අක්ෂාංශ දේශාංශ නිර්ණය කර ඇත්තේ සුර්යයා ගේ කිරණ පෘතුවියට පතිතවන කෝණයට අනුවය. එනම සුර්ය කිරණ පෘතුවියට පතිත වන කෝණයට අනුව එම කිරණ වල බලපෑම වෙනස් වේ. උදේ කාලයේ ඉතාම සෞමය හා D විටමින් ලබා දෙන සුර්යයා මධ්‍යනය වන විට ඉතාම සැර දරුණු ගතියක් පෙන්වයි. උදේ අව්ව තපින විට ගතට සිතට සුවයක් ගෙන දෙන සුර්යයා මධ්‍යනයේදී දැඩි පිඩාවක් හිස රදයක් ගෙන දේ. එනම් ජෝතිෂ්‍යය යනු මේ කිරණ වල බලපෑමයි. තිථිය, කලාව , නැකත යනු මෙම සුර්යයාගේ කිරණ කෝණ වල බලපෑම අපට බලපාන ආකාරය ගණනය කිරීම වේ. සුර්යයා ගේ කිරණ වල වක්‍ර බලපෑම ඇතිවන්නේ සුර්ය කිරණ ග්‍රහ වස්තුන් මත වැදී පරාවර්තනය වන කිරණ පෘතුවිය මත පතිත විමෙනි. එම පරාවර්ත කිරණවල වර්ණය ,සංයුතිය ඒ මගින් අප කෙරෙහි ඇති කරන බලපෑම එම ග්‍රහ ලෝක වල ඇති රසායනික සංයුතිය මත තීරණය වේ. එනම් එක් එක් ග්‍රහයාගෙන් ලැබෙන්නා වූ කිරණ විවිධ වර්ණ වේ. වර්ණය ග්‍රගයගෙන් ග්‍රහයාට වෙනස් වේ. මේ වරණ වල බලපෑම හොඳින් හදුනාගත හැක්කේ බීජයක් සිට ශාකයක් බවට පත් වී පල දරා පල පැසීම හා නැවත බිජ බවට පත් වීමේදී ඒ ඒ අවස්ථාවල ශාකයේ ජිවන චක්‍රය තුලට එක් එක් වරණය බලපාන බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.
හොඳම උදාහරණය චන්ද්‍රයා ගතහොත් මලක පොහොට්ටු වැඩෙන්නේ රාත්‍රි චන්ද්‍රාලෝකයටය එහෙත් මල පිපෙන්නේ සුර්යාලොකයටය. එසේම පුන් සද දින වඩ දිය බා දිය වෙනස් වීම. මානසික රෝගීන්ගේ රෝගී තත්වය උත්සන්න්න වීම. සෙම් අමාරු වැඩි වීම. ගැබ්බර මාතාවන් වැඩිපුර දරුවන් බිහි කිරම ආදී උදාහරණය ගත හැක. එනම් අපට ලගින්ම පිහිට ග්‍රහයාගේ බලපෑම සඳහා චන්ද්‍රයා අපිට පෙනෙන හා දැනෙන කදිම සාක්ෂියකි .
එනම් දියුණු යයි පවසා ගන්නා බටහිර දැනුමෙන් ඔළුව උදුමාගත් මුග්දයන් තේරුම් නොගත් එකම කරණය නම් දියුණු යයි කියනා සමාජයද ජොතිශය මත රැදී පවතින බවය. අපේ දේ හෑල්ලු කිරීමට බටහිරයන්ගේ වුමනාව මත ඔවුන් මුග්ද්යන් සේ ක්‍රියා කරති.අද මෙයට මෙහෙයවීමට එක්ව ඇති අලුත්ම පිරිසනම් බුදු දහම හා සිංහළ කම පටලවන්නාවූ NGO හොර අසපු චීවරධාරී නඩය වේ. ඔවුන්ද බෞද්ධ කම සිංහළ සංස්කෘතියට එරෙහිව ඔට්ටුවට තැබීමට කූට ලෙස ක්‍රියාත්මක වේ. ඔවුන් සිංහළ අවූරුද්ද , චාරිත්‍ර නැකත් මිත්‍යා යයි කියා බැහැර කරති. එහෙත් දියුණු යයි පිළිගන්නා බටහිර විසින් සැදු සුර්යයාගේ කෝණය අනුව , ගමන අනුව සැදු අක්ෂාංශ දේශාංශ,ඒ මත වූ වර්ෂය, දිනය, මාසය , වෙලාවට අනුව වැඩ කරති. එනම් ඔවුනුත් ජෝතිෂ විද්‍යාවට අනුව වැඩ කරති.
සිංහළ අවුරුද්ද සිංහළයාගේ ඉතාම වැදගත් වූ සංස්කෘතික මංගල්‍යයකි. සිංහළයා වනාහි ඉරෙන් හඳෙන් වැඩ ගත් ඒ හරහා ශිස්ඨාචාහරයක් බිහි කල ඉතාම දියුණු ජාතියකි. සිංහළ අවූරුද්ද ඉහත කි ජෝතිශ්මය වශයෙන් වැදගත් සේම සංස්කෘතික මංගල්‍යයක් ලෙස එතුලින් මුළු ජාතියේම එක මොහොතක එක් රැස් කරයි. එකියභාවයටද, සමගිය, එකමුතුව ඇති කරයි. එනම් වසර පුරා ඉර හඳ පොලොව උපයෝගයෙන් තමන් උපයා ගත් ධනය පරිභෝජනය (අනුභවය) රටේ සියලුම ජනතාව එකම එක මොහොතකදී කිරිසිදු බලපෑමකින් තොරව එකතු වීමයි. මුළු රටම, අහාර පිසීම, අනුබහවය , හිසතෙල් ගෑම, නැවත නව වසරේ නිෂ්පාදනය සදහා වැඩ ඇල්ලීම, , එකම මොහොතේ තප්පරයේ කිරීම යනු ,වසරක් පාසා එකමුතුබව, ඒකීය බව හා ජාතික සමගිය ඇති කිරීම මෙම සංස්කෘතික මංගල්‍යයයේ අරමුණයි. එනම් ජෝතිෂ වශයෙනුත් සංස්කෘතික වශයෙනුත් උතුම් වූ අපේ සුර්ය මංගල්‍යය බටහිර පරයන්ගේ මුසා බස් අසා මිත්‍යාවක් සේ බැහැර කිරීම යනු අපි අපේම වල කපා ගැනීමක් නොවේද?
මෙසේ අපේම වූ අපේ සිංහළ අලුත් අවුරුද්ද පර සුද්ද ගෙනත් මෙරටේ පැල කරන ලද දෙමළාට සුද්දා විසින් ලියා දුන්නේ 1886 ජනවාරි 21. ඉංග්‍රීසි පාලනය විසින් වෙසක් දිනය නිවාඩු දිනයක් කිරීම නිසා තමන්ටද නිවාඩු දිනයක් අවශ්‍ය බව පවසමින් දෙමළුන් දිගින් දිගටම අරගල කරන්නට විය. මේ ප්‍රශ්නය විසදීම සඳහා දෙමළ ජාතියටත් නිවාඩුවක් දීමට මෙය සිංහළ හින්දු අළුත් අවුරුද්ද ලෙස Holiday Bill මගින් විග‍්‍රහ කර ඉදිරිපත් කරන ලදි. මෙය 1886 ජනවාරි 21 වන දා ගැසට් අංක 4692 මගින් ඉංග‍්‍රීසින් විසින් නිශ්චිත කරන ලදි. මෙසේ දෙමළට නොතිබුණු හින්දු අලුත් අවුරුද්දක් ඇති වුණි.
මන්නාරමට සූර්යයා මුදුන් වන රේඛාව දකුණු ඉන්දියාවටත් පොදු අතර, දකුණු ඉන්දියාවේ ද්‍රවිඩයන් එය ඔවුන්ගේ අළුත් අවුරුද්ද සේ නොසලකයි. එවැනි චාරිත‍්‍රයක් දකුණු ඉන්දියාවේ හෝ වෙනත් රටකට අදටත් නොපවතී. එහෙත් ඉංග්‍රීසින්ගේ බලපෑම මත දකුණු ඉන්දියාවේ අප්‍රේල් 14 දින දරුවන් සඳහා නිවාඩුවක් පැවතුනි. එහෙත් 1945 දී හින්දු විද්වත් මණඩලයක් මගින් මෙසේ හින්දුන්ට අවූරුද්දක් නැති බවත් ඔවුනට ඇත්තේ දවස් 365 සඳහා දිවා කලයක් හා රාත්‍රී කාලයක් පමණක් බවත්ය. එනම් දීපවාලි සිට තෛපොංගල් වනතෙක් දිවා කාලය හා තෛපොංගල් සිට දීපවාලි තෙක් රාත්‍රී කාලය පමණක් බවත්ය. මේ හේතුව මත ඔවුනට වසරටක් තුල දෙවතාවක් අවරුදු පැමිණේ. මේ වාර්තාව නිර්දේශ ක්‍රියාවට නැංවීම අතපසු වී තිබුනත් 2008 දී කරුණානිධි විසින් මෙය ක්‍රියාවට නගවා 14 තිබු නිවාඩුවද අවලංගු කරන ලදී.
එසේනම් , දකුණු ඉන්දියාවේ ද්‍රවිඩයන්ට නැති ලංකාවේ ද්‍රවිඩයන්ට ඇති හින්දු අලුත් අවුරුද්ද යනු සුද්දන් විසින් මවන ලද්දකි. මෙම සිංහළ හින්දු අලුත් අවුරුද්ද කියානා වරද වහා නිවැරදි කල යුතුය. අපි අපේ සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කර ගත යුතුය. එනම් මෙය සිංහළයාටම අනන්‍යය වූ සිංහළගේ අලුත් අවුරුද්ද මිස දෙමළට ලියා දුන් සිංහළ හින්දු අලුත් අවුරුද්ද යන්න පට්ට පල් බොරුව නොවේ.
කණගාටුවට කාරණය නම්, එවන්වූ අපේ ශ්‍රේෂ්ටතම ජාතික උත්සවය ආරම්භ වූ මන්නාරම අද සිංහල පුළුටක්වත් නැති වීමයි.
උපුටා ගැනීම – සූර්ය වංශය යලි ගොඩ නැගීම (සංවිධනය)